
තමාට ගෙදර ඉන්න කියන ජනාධිපති අනුර කුමාර දිසානායකටත් බහුතරය නැති හෙයින් තමාගේ සහ අනුරගේ තිබෙන වෙනස කුමක්දැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (27) මීගමුවේ පැවැති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජන රැළියක් අමතමින්.
එහිදී ඔහු කියා යේ පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි ජනාධිපති අනුර තමාට කියා තිබෙන බවයි.

බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැතැයි කියන කාරණය තමා පිළිගන්නා රනිල් වික්රමසිංහ කියා සිටියා.
එමෙන්ම බොහෝ දෙනා පවසන්නේ අනුර කුමාර දිසානායක මාස තුනයි බලයේ සිටිනේ බව නමුත් එතුමා ජනාධිපති ලෙස ගමනක් යා යුතු බව ඔහු කියා සිටියා.
නමුත් ජනාධිපති අනුර කුමාරට එතුමාගේ පක්ෂය පැත්තෙන් දෝෂාභියෝගයක් ආවොත් නම් ඒ පිළිබඳ තමා නොදන්නා බව රනිල් වික්රමසිංහ මෙහිදී අනාවරණ කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් පල කල හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ “ හැබැයි දාලා තියෙන ලැයිස්තුව දැක්කොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් නෙමෙයි සති තුනක් වත් තියෙයි කියලා මං නම් හිතන්නේ නෑ. ඉතින් පළ පුරුදු රට ගෙනියන්න පුළුවන් අයට ඡන්දය දිය යුතුයි. පරපුරුදු අය පාර්ලිමේන්තුවේ හිටියොත් ජනපතිට අවුරුදු තුනක් හරි රට ගෙනයන්න පුළුවන්.එහෙම නැති වුනොත් පොල් පෝලිම් නොව හැම තැනම පෝලිම් තිබේවි. පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි අනුර මට කියා තිබෙනවා. මම ඒක පිළිගන්නවා.මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඡන්දය ඉල්ලුවා.බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා.ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැනේ 51% ක් ලැබුණේ නැහැ. ඉතින් එතුමගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමාට වගේම මටත් බහුතරය නෑ. ඉතින් විශේෂත්වය මොකක්ද? අපි දෙන්නම ඉන්නේ එකට ” යැයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/tuwddmm8








