ගුරුවරුන් 9000ක් සඳහා ඉදිරි වසරේ ස්ථාන මාරුවීම් ලබාදීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරුන්ට මෙසේ ස්ථානමාරුවීම් ලබා දීමට නියම්ත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

විවිධ දේශපාලන මැදිහත්වීම් නිසා පසුගිය වසරවල ගුරුවරුන්ගේ ස්ථානමාරුවීම් අත්හිටුවීමට පසුගිය කාලවකවානුවේදී සිදුවුණා.

එම හේතූන් මත පළාත් ගුරුවරුන්ට නගරාශ්‍රිත පාසල්වලට පැමීණීමට බාධා එල්ල වුණා.

එම හේතූන් මත කිසිදු මැදිහත්වීමකින් තොරව ගුරු මාරු මණ්ඩල නිර්දේශ මත පමණක් පදනම් වී කිසිදු බලපෑමකින් තොරව ස්ථානමාරුවීම් සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/ycvwzbx2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here