
ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන්, එල්ල වියහැකි ඩ්‍රෝණ හා මිසයිල ප්‍රහාර පිළිබදව අවධානයෙන් සිටිය යුතු බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මේ බව අවධාරණය කළේ, ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.
එසේම, නිවාඩුව සදහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයට ඇතුල්වීම වෙනුවෙන් නිකුත් කර ඇති වීසා බලපත්‍රවල කාලය ඉකුත් වීමට දින 02 කට හෝ 03 කට පෙර යළි ඊශ්‍රායලයට පැමිණෙන ලෙසද තානාපතිවරයා දැනුම් දෙනවා.

එසේ වුවහොත් යම් හෙයකින් තම ගුවන් යානය අවලංගු වුවද වීසා කාලය අවලංගු වීමට පෙර ඊළග දිනයේදී හෝ ඊශ්‍රායලයට පැමිණීමට හැකි බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පෙන්වා දුන්නේ.
මෙම තත්වයත් සමග මැදපෙරදිග කලාපයේ ගුවන් යානා ගණනාවක් ඊශ්‍රායලය වෙත තම ගමන්වාර අවලංගුකර ඇතැයිද ඔහු කියා සිටියා.
එසේම ශ්‍රි ලංකාව බලා යාමට අපේක්ෂා කරන පිරිසටද තම වීසා බලපත්‍රය ලබා නොගෙන රටින් පිට නොවිය යුතුයි.
පසුගිය සති කිහිපය තුළ ඊශ්‍රායලයේ පැවති දීර්ඝ නිවාඩුව හේතුවෙන් වීසා නිකුත් කිරීමේ ප්‍රමාදය ඊට හේතුව බවද ශ්‍රි ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා පෙන්වා දුන්නා.
ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් ඇතුළු ප්‍රදේශ ගණනාවකට ඊයේ ප්‍රහාර එල්ල කළේ ගුවන් යානා 100ක් පමණ යොදා ගෙනයි.
එහිදී උද්ගත වූ අනාරක්ෂිත වාතාවරණය හමුවේ ඉරානය සිය ගුවන් කලාපයද පැය කිහිපයකට වසා දැමීමට ද පියවර ගත්තා.
source :- https://tinyurl.com/dazwzbfs







