
මන්නාරම, පරප්පන්කණ්ඩල් ප්රදේශයේදී විදුලි සැර වද්දවා අවුරුදු 15 ක පමණ වන අලියෙකු මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරණ ගොවියෙකු වන ජීවී නිලධාරීන් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිය ගොස් සිටි වන අලියා දුටු ප්රදේශවාසින් ඒ බව පළාතේ ග්රාම නිලධාරීවරයාට පැමිණිලි කොට තිබෙනවා.
ග්රාම නිලධාරිවරයා විසින් පොලීසියට හා වන ජීවී නිලධාරීන්ට කළ දැණුම් දීමක් මත නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මියගිය වන අලියාගේ හොඩවැල අසල විදුලි සැර වැදුණු ලක්ෂණ දැකීමෙන් පසුව වන අලියා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන් බවට තහවුරු කරගෙන තිබෙනවා.
පොලිසිය කල විර්ශනවලදී හෙළිව ඇත්තේ වන අලියා මරා දැමීමට විදුලිය අදින ලද වයර් තොගයක් පළාතේ ගොවියෙකුගේ නිවසක තිබී සොයා ගැනීමට හැකි විය.
ඒ අනුව අදාල සැකකරුව පොලිස් බාරයට ගෙන ඇති අතර ඔහුව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
source :- https://tinyurl.com/ms3bss8x







