ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ ඇති බවට පවසා ව්‍යාජ බියගැන්වීමක් සිදු කළ පුද්ගලයෙකු පොතුවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහනුවර සිට ආරුගම්බේ ප්‍රදේශයට සංචාරයක් සදහා ඊයේ (26) පැමිණ සිටි පිරිසකගෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි.

එහිදී එම පුද්ගලයා ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ ආරුගම්බේ ප්‍රදේශයේ ස්ථාන 03 ක බෝම්බ ඇති බවත්, එම ප්‍රදේශවලට නොයන ලෙසටයි.

කෙසේ වෙතත්, ඔහු සිදුකළ එම බියගැන්වීම පිළිබද සංචාරකයින් පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සදහන් කළේ.

source :- https://tinyurl.com/mrxf7zmu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here