තක්කාලි වගා කරන මුවාවෙන් ගංජා හේනක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු පොලිසිය අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සූරියවැව, මිගහජදුර ප්‍රදේශයේ මෙම වගාව සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව 14 කණුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

සැකකරු කලක සිට මහාපරිමාණයෙන් තක්කාලි වගා කරන අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

මොහු සිය තක්කාලි වගා කළ ඉඩමේ අක්කරයක පමණ කොටසක රහසිගතව ගංජා වගා කරන බවට සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පුද්ගලික තොරතුරකට අනුවයි වැටලිම සිදුකර තිබෙන්නේ.

අත්අඩංගුවට ගන්නා විටත් සැකකරු ගංජා වගාවේ කටයුතුවල නිරත වෙමින් සිට තිබෙනවා.

තක්කාලි වගාවෙන් වූ පාඩුව මකා ගැනීමට ගංජා වගා කළ බවයි මුලික ප්‍රශ්ණ කිරීමේදි සැකකරු පවසා ඇත්තේ.

අඩි පහක් පමණ උස ගංජා වගාව පොලිස් නිළධාරීන් විසින් ගලවා ගිණි තබා විනාශ කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

source :- https://tinyurl.com/3zac27ak

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here