
පුත්තලම කොළඹ පාරේ අද (27) දවල් සිදුවූ රිය අනතුරක් හේතුවෙන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ත්රීරෝද රථ දෙකක් මුහුණ මුහුණ වැදීමෙනුයි මෙම අනතුර සිදුවී තිබෙන්නේ.
පුත්තලම නගරය ආසන්නයේදී අනතුර සිදුව ඇති බවත් තුවාලකරුවන් රෝහල් ගත කල බවයි පුත්තලම පොලිසියේ රථවාහන අංශය පවසන්නේ.

අනතුරෙන් වයස අවුරුදු 04 ගෑණු ළමුන් දෙදෙනකු , අවුරුදු 08 සහ 11 පමණ වයසේ පිරිමි ළමුන් දෙදෙනකු හා අවුරුදු 28 හා 35 කාන්තාවන් දෙදෙනකු හා රියදුරු මෙලෙස තුවාල ලබා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
source :- https://tinyurl.com/tebnxrz2







