
කැළණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක හතරවන මහලෙන් අද (23) අළුයම ඇඳ වැටී සිසුවෙකු මියගොස් තිබෙනවා.
ඔහුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එම සිසුවා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිට මෙසේ ඇඳ වැටීමෙනුයි මොහු මියගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වයසැති රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ, සිව්වන වසර ඉගෙනුම ලබමින් සිටි, ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
source :- https://tinyurl.com/bdcr5xt2







