ලෙබනනයේ බේරුට් අගනුවරට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර 13කින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරවලින් මියගිය එක් අයෙකු කුඩා දරුවෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බේරූට් ඇතුළු නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය ඊයේ අනතුරු අඟවා තිබුණා.

ඔවුන් ප්‍රහාර එල්ල කරන බවට සඳහන් කර නොතිබුණු රෆීක් හරීරි යුනිවසිටි රෝහල පිහිටි ප්‍රදේශයටද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බවයි ලෙබනනය චෝදනා කළේ.

එම ස්ථානයේ සිට මීටර් 400 දුරින් බේරුට් ගුවන් තොටුපළද පිහිටා තිබෙනවා.

source :- https://tinyurl.com/48j5zt82

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here