
හිටප් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සොයා බැලීමට පත් කල කමිටු වාර්තා දෙකක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහට ලක්ව තිබෙන බව කොළඹ අගරදගුරු මැඳුරේ කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.
උන්වහන්සේ මේ බව පැවසුවේ අද (22) අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රකාශයට පත් කරමින්.
එහිදී උන්වහන්සේ කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කල ඒ් එන් ජේ අල්විස් කමිටුව විසින් එම ත්‍රිපුද්ගල වාර්තාව ශ්‍රී ලංකා රදගුරු සංගමයේ සභාපති හැරල් ඇන්තනි හිමිපාණන් වෙත ලබා දී තිබෙන බවයි.

එම වාර්තාව රහසිතගත වාර්තාවක් ලෙස සඳහන් කර තිබෙන හෙයින් කතෝලික සභාව එම වාර්තාව රහසිගතව තබා ගැනිමට කටයුතු කර කල බව දැනුම් දෙන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නිවේදනය කර සිටියා.
එමෙන්ම එම වාර්තාවේ සඳහන් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් විරහිතව ක්‍රියාකල නිලධාරින් කිහිපදෙනෙකුගේ අදාළ පුද්ගලයින්ගේ නම් එහි ඇතුලත්ව තිබෙනවා.
ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් එහි නිර්දේශ සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් රවි සෙනෙවිරත්නව සහ ශානි අබේසේකර හිරකිරීමට සකස් කල වාර්තාවක් දැයි සැකයක් මතුවන බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් මෙහිදී කියා සිටියා.
ඒ් එන් ජේ අල්විස් කමිටුව විසින් ලබා දුන් ත්‍රිපුද්ගල වාර්තාව අප පිලිනොගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කල නිවේදනය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අගරදගුරු මැඳුරේ කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියා.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කල නිවේදනය ප්‍රකාශයට පත් කරමින් උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් නාට්යකයක් රඟ දක්වන බවයි.
කෙසේ වෙතත් උදය ගම්මන්පිල කාගේ හෝ කොන්ත්‍රාත් එකක් කරන බව හැගෙන බව උන්වහන්සේ කියා සිටියා.
මේ වන විට මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනතාවගේ දුක වේදනාව ප්‍ර යෝජනයට ගෙන මැතිවරණ ජයගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව වැටහෙන බව උන්වහන්සේ කියා සිටියා.
source :- https://tinyurl.com/268rhcwt







