
තම සැමියා විදෙස් ගත වූ දිනයේම අනියම් සැමියා නිවසට ගේන්වා ගත් කාන්තාවක් අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ මීගොඩ ප්රදේශයෙන්.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 66ක දෙදරු මවක්.

ඇගේ සැමියා සහ දරුවන් විදෙස්ගතව රැකියාවන්වල නිරතව සිටින අතර මීට දින කිහිපයකට පෙර නිවාඩුවක් සඳහා සැමියා විදෙස් රටක සිට මෙරටට පැමිණ තිබෙනවා.
බිරිඳ සමඟ කාලය ගත කළ ඔහු සිද්ධිය වූ දිනයේ අලුයම විදෙස් ගතවී ඇති අතර බිරිඳ තම අනියම් සැමියාව දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් මෙම කාන්තාව සහ අනියම් සැමියා නිවසේ සිටින වාරයේ ඥාති කාන්තාවක් ගෙදරට පැමිණ ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගෙන් යමක් විමසා තිබෙනවා.
එම අවස්ථාවේදී මෙම කාන්තාව ඉතා අසීරුවෙන් ප්රතිචාර දැක්වූ නිසා ඒ පිළිබඳව සැකසිතුණු කාන්තාව ඇය සමීපයට ගිය විට ඇය දැඩි අසනිප තත්ත්වයෙන් පසුව ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුව අසල්වාසීන් සමඟ එකතු වී මෙම කාන්තාව රෝහල්ගතකර ඇති අතර එහිදී කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සැකපිට මෙම කාන්තාවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගනු ලැබුවා.
සිදුකළ ප්රශ්නකිරීම්වලින් අනතුරුව ඔහු නිදහස්කර ඇති අතර මියගිය කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
source :- https://tinyurl.com/49nresa7







