
මිය යන්නට ගිය සර්පයෙකුට කෘතිම ශ්වසන ලබා දී ජීවත් කරවූ වනජීවී නිලධාරියෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදරා ප්‍රදේශයේදී මෙම අසාමාන්‍ය සිදුවීම සිදුව තිබෙනවා.
මෙම සර්පයා පිළිබඳව අදාළ වනජීවි නිලධාරියාට ඇමතුමක් ලැබී අතර ඔහු එම ස්ථානයට ගොස් නිරීෂණය කිරීමෙන් පසුව වැටහී ඇත්තේ සර්පයා මියගොස් නොමැති වුවද අසාධ්‍ය තත්ත්වයයේ පසුවන බවයි.

ඒ අනුව ඔහු සර්පයා සිය දෑතට ගෙන කෘතිම ශ්වසනය ලබා දීමට පටන් ගෙන ඇති අතර පළමු හා දෙවන අවස්ථාවේ කිසිදු චලනයක් නොදැක්වුවත් තුන්වන අවස්ථාවේදී සර්පයා චලනය වීමට පටන්ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් විෂ සහිත සර්පයෙකු නොවන මෙම සර්පයා අසාධ්‍ය තත්ත්වයෙන් මුදවා යළි ජීවත් කරවන්නට සමත් වූ මෙම සිදුවීමට සම්බන්ධ විඩීයෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය හරහා සීඝ්රයෙන් පැතිර යනවා.
එමෙ තරුණයා මෙහිදී සඳහන් කර ඇත්තේ “සර්පයා කිසිදු චලනයක් පෙන්වූයේ නැහැ, නමුත් බේරා ගත හැකි බව මම විශ්වාස කළා.” ලෙසයි.
source :- https://tinyurl.com/2s4kp6xv








