මේ වනවිට ඇති වූ ගංවතුර තත්ත්වය පහව ගියද ගංවතුර පැවැති ප්‍රදේශවල පොළොවේ වැවී ඇති පලා වර්ග ආහාරයට නොගන්නැයි පෝෂණ විශේෂඥයින් සඳහන් කරනවා.

එමෙන්ම අධික වර්ෂාව නිසා වැසිකිළිවල අපිරිසිදු ජලය මෙන්ම බොහෝ අපිරිසිදු දෑ ජලයට මිශ්‍ර වී පොළවේ පවතින බවත්, එම නිසා පොළවේ වැවෙන පලා වර්ග ආහාරයට ගැනීම ඉතා අවදානම් බවත්, ඔවුන් පවසනවා.

මේ නිසා වැස්ස සහ ගංවතුර තත්ත්වය අවමවන තෙක් කතුරුමුරුංගා, මුරුංගා වැනි පලාවර්ග පමණක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවටයි සඳහන් කර ඇත්තේ.

එසේම වැසි තත්ත්වය නිසා පාචනය, අතීසාරය වැනි රෝග පැතිරී යෑමේ ඉඩකඩ ඇති අතර, එබැවින් හැකි තරම් උණු කර නිවාගත් ජලය පානය කිරීම වැදගත් බවයි එම විශේෂඥයින් වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

source :- https://tinyurl.com/4wcreees

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here