ජාතික ජන බලවේග ආණ්ඩුව සති කිහිපය තුළ රුපියල් බිලියන 400 කට අධික ප්‍රමාණයක් ණය අරගෙන තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මුදල් බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවට බවයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී එය විය යුත්තේ කෙසේද සහ එය හරිද වැරදිද සහ ධනාත්මක විවේචන ඉදිරිපත් කර රට ගොඩනැගීමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඔහු පවසා සිටියා.

එමෙන්ම කුමන දේශපාලන පක්ෂයකින් වුවත් පාර්ලිමේන්තුව ශක්තිමත් විය යුත්තේ රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්න දායක විය යුතු පුද්ගලයන්ගෙන් බවත් නැතිනම් රට නැවත අගාධයකට තල්ලු වීමට ඉඩ තිබෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියා.

පසුගිය ආණ්ඩු ණය ගත්තා නමුත් ජනතාවට කිසිවක් සිදු කළේ නැති බවත් ණය වලින් මුදල් හොරකම් කරා කියලා පසුගිය කාලයේදී ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා.

ඒ වගේම ජාතික ජන බලවේග ආණ්ඩුව සති කිහිපය තුළ රුපියල් බිලියන 400 කට අධික ප්‍රමාණයක් ණය අරගෙන තිබෙන අතරම ඒ ණයවලින් පාරක් හැදුවද , ජනතාවට අස්වැසුම දුන්නද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් සිදුවෙලා නොමැති බවත් එම මුදල් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සොරකම් කර නොමැති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී කියා සිටියා.

වර්තමාන රජයට හැම සතියකම බදාදා ණය ගැනීමට සිදුවී තිබෙන බව ඔහු අනාවරණ කර සිටියා.

එමෙන්ම භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලින් එම ණය ලබා ගැනීමට සිදුවී තිබෙන බව ඔහු පවසා සිටියා.

නමුත් වර්තමාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා පැරැණි ආර්ථික ක්‍රමය අසාර්ථකයි අලුත් ආර්ථික ක්‍රමයකට ගමන් කළ යුතුයි කියා බවත් සමගි ජන සන්ධානය ඉදිරිපත් කළ බ්ලූ ප්‍රින්ට් ආර්ථික දැක්මට එහා ගිය ආර්ථික දැක්මක් වර්තමාන රජය ඉදිරිපත් කරන ආකාරය දෙස බලාගෙන සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/mrxx4mjw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here