
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ මහින්ද රාජපක්ෂ භාවිතා කරන අමතර රජයේ වාහන යළි රජයට භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, අවස්ථා කිපිපයකදීම එම වාහන රජයට භාර දෙන ලෙස දැනුම් දුන්න ද ඊයේ වන තෙක් ඒවා ලබා දී නොමැති බවයි.
හිටපු ජනපතිවරයෙකුට විශ්රාම යාමෙන් පසු රජයේ වාහන 03 ක් පමණක් භාවිතා කිරීමට අයිතිය හිමිවන නමුත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ රජයේ වාහන 13 ක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ වාහන 15 ක් භාවිත කරන බව ද වාර්තා වනවා.

source :- https://tinyurl.com/5bazs6ns








