
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සිසේරියාහි පිහිටි පෞද්ගලික නිවස ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ සිට අද උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
සිද්ධිය වන අවස්ථාවේ අගමැතිවරයා හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් නිවසේ නොසිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම මීට පෙර ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබුණේ ඩ්‍රෝන යානය ලෙබනනයේ සිට අභ්‍යවකාශ ගත කළ බවත්, එය ගොඩනැගිල්ලක ගැටී ඇති බවත්ය.

ඊශ්‍රායල භූමියට ඇතුළු වූ තවත් ඩ්‍රෝන යානා දෙකක් අත්අඩංගුවට ගත් බව හමුදාව සඳහන් කර ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.
source :- https://tinyurl.com/mtsd9zva








