
සාදයක් අතර තුර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් වූ පහරදීමකින් පුද්ගයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෝවිල් අඩි ප්රදේශයේදී මිතුරන් පිරිසක් එක්ව පැවැත්වූ සාදියකදී මෙය සිදුව ඇති බවයි තඹලගමුව පොලිසිය පවසන්නේ.
බහින් බස්වීමට පසුව පහර කෑ පුද්ගලයා ත්රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ තඹලගමුව, කෝවිල් අඩි ප්රදේශයේ පදිංචි කන්දසාමි පෙරිම්බරාජා (37) නැමැති එක්දරු පියෙක්.
ඝාතනය වූ අයගේ බිරිඳ විදෙස් ගත වී සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන්ගේ එකම දරුවා බිරිඳගේ මව පදිංචි ආලංකේනි ප්රදේශයේ ජීවත් වන බවද පොලිසිය පවසනවා.
මිය ගිය අයට පහර දුන් දෙදෙනෙකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර විමර්ශන ක්රියාත්මකයි.
source :- https://tinyurl.com/2s3z653y







