ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් සිඩ්නි සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානයක සහායක ගුවන් නියමුවරිය පිටත තබා නියමු කුටිය එහි ප්‍රධාන නියමුවරයා විසින් අගුලු දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊට අදාළ සියලුම පරීක්ෂණ ස්වාධීනව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම චෝදනාවන්වලට ලක්වූ ප්‍රධාන නියමුවරයා සේවයෙන් ඉල්ලා අස්වී ඇති නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණ සඳහා එය බාධාවක් නොවන බවයි එම ගුවන් සමාගම සඳහන් කළේ.

මෙහිදී අදාල සිදුවීමෙන් අනතුරුව airlineratings.com වෙබ් අඩවිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම අතිශය බරපතල ලෙස සලකන බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම් තරු 07 සිට 06ක් දක්වා මෙම සිදුවීම හේතුවෙන් පහත හෙළීමට කටයුතු කළ බවයි.

Aviation Herald (AV) ට අනුව, අදාළ ප්‍රධාන ගුවන් නියමුවරයා තම සහායක නිලධාරිනියට ආපසු නියමු කුටියට පැමිණීමට නොහැකිවන ලෙස දොර වසා දමා කටයුතු කර ඇති අතර, මේ සඳහා ඇය සහ ගුවන් යානයේ නියමුවරයා අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මුල් වී තිබෙන බවයි සඳහන්.

source :- https://tinyurl.com/mrzfy9ab

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here