වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ඒ බව සඳහන් කර තිබෙනවා.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත්, එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූ නමුදු අත්‍යවශ්‍යම පළාත වන බස්නාහිර පළාත සඳහා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාව මැසිවිලි නගන බවද එම නිවේදනයේ සඳහන්.

මෙම දුෂ්කරතාවය පිළිබඳ අවධානය යොමු කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත්තේ, බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නට අවශ්‍ය කටයුතු සඳහා අදාළ අංශවලට උපදෙස් දෙන ලෙසයි.

source :- https://tinyurl.com/2w5wzkmf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here