
කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ අද දිනයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කර තිබෙනවා.
මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම මාර්ගයට දැඩි හානි සිදුව තිබුණා.
අනතුරත් සමඟ ටැංකි දෙකක් පෙරලි තිබූ අතර, ඉන්ධන කාන්දුවක් ද සිදු ව ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මේ වන විට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
source :- https://tinyurl.com/w28dwp







