සූකරයන් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය හේතුවෙන් දිස්ත්‍රික්ක අතර එම සත්තවයින් ප්‍රවාහනය කිරීම කඩිනමින් නතර කිරීමට අවධානය යොමු වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා හේමාලි කොතලාවල ප්‍රකාශ කළා.

බස්නාහිර, වයඹ ඇතුළු පළාත් කිහිපයක එම රෝගය ව්‍යාප්ත වන බවයි ඇය කියා සිටියේ.

එමෙන්ම මීට පෙර බස්නාහිර පළාතේ සූකරයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පළාතෙන් පිට සූකරයින් සහ මස් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගොවිපළවල් හිමියන්ගෙන් මෙන්ම මස් අලෙවි කරන්නන්ගෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව, දඩුගම, රාගම, සහ කදාන යන ප්‍රදේශවල මස් පිණිස සදහා ඇති කරන සූකරයින් අතර කිසියම් රෝගී තත්ත්වයක් පැතිර යන බවටයි සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත්තේ.

දඩුගම ප්‍රදේශයේ පමණක් ගොවිපළවල සිටින සූකරයින් දිනකට 50ක් පමණ මිය යන බවයි වාර්තා වන්නේ.

එලෙස මිය යන සූකරයින්ගේ මස් පාරිභෝගිකයින් වෙත අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ විමර්රශනයක් ද ආරම්භ කර ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

source :- https://tinyurl.com/2etbuu2t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here