කෝවිලක දේව ප්‍රතිමාවේ තිබූ ආහරණ ඇතුලු කෝවිල සතු වෙනත් භාණ්ඩ තොගයක් කොල්ලකා ඇතයි වාර්තා වනවා.

රුපියල් 1,000,000ට අධික වටිනා මෙම භාණ්ඩ (15) දා රාත්‍රි කොල්ල කා ඇති බවයි පොලිසිය පවසන්නේ.

කොල්ලය සිදුකළ පිරිස කෝවිලේ දොරට ගිණි තබා දොර විවෘත කරගෙන කෝවිලේ ප්‍රතිමා ගෘහයට කඩා වැදී මෙම සොරකම සිදු කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

වවුනියාව, තෝනිකල් ප්‍රදේශයේ පිහිටි නාගපූෂණී අම්මාන් කෝවිලේ මෙම සොරකම සිදුව තිබෙන් බවයි වවුනියාව පොලිසිය පවසන්නේ.

උදෑසන කෝවිලට පැමිණි කාන්තාවක් කෝවිල ඇතුළතින් දුමක් යනු දැක ඒ පිළිබඳව කෝවිලේ පූසාරීවරයාව දැණුවත් කොට තිබෙනවා.

ඒ අනූවයි පූසාරීවරයා මේ සම්බන්ධයෙන් වවුනියාව පොලීසියට පැමිණිලි කොට ඇත්තේ.

source :- https://tinyurl.com/5f6hdsm6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here