“සියවසේ වල්ගා තරුව” A3 (Tsuchinshan-ATLAS) පසුගිය දින කිහිපය තුළ දී එක්සත් රාජධානියේ අහසෙහි දීප්තිමත්ව දිස් වුණා.

එය අඟහරුවාදා රාත්‍රියේ එහි දීප්තිමත් බවේ උපරිමස්ථානයට ළඟා වූ අතර ඉන් පසු එහි දීප්තිය කෙමෙන් අඩුවන්නට පටන් ගෙන තිබෙනවා.

මෙම සතිය අවසානයේදී එහි දර්ශනය පෘතුවි අහසෙහි දැකගැනීමට හැකිවෙන්නේ නැහැ.

එහි දිප්තිමත් ස්වභාවය නිසා බොහෝ ජනතාව එය නිරීක්ෂණය කිරීමට විශාල උද්යෝගයකින් පසුවෙනවා.

මෙම A3 (Tsuchinshan-ATLAS) වල්ගාතරුව නැවත දැකගත හැකිවනුයේ තවත් වසර 80,000කින්.

වල්ගා තරුව වඩාත් හොඳින් දැකගත හැක්කේ හිරු බැසයන අවස්ථාවේදී වන අතර එය බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 06.00ත් 06.30 දක්වා අතර කාලයයි.

ගොඩනැගිලි සහිත පරිසරයෙන් මිදී වඩාත් පුළුල්ව බටහිර අහස දිස්වන පරිසරයක් සියවසේ වල්ගාතරුව නිරීක්ෂණය කිරීම සඳහා වඩාත් සුදුසු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

source :- https://tinyurl.com/2kbysyyf

Comet A3: Where to see it in last chance for 80,000 years - BBC Weather

Comet A3: Where to see it in last chance for 80,000 years - BBC Weather

Comet A3: Final chance to see 'comet of the century' before stunning spectacle disappears for 80,000 yearsLast Chance For 800 Centuries To See Comet As It Gets Closest To Earth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here