
හලාවත සිට කොළඹ – ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ, මීටර දෙකමාරක් තුනක් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල මුහුදු රල ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.
මෙවන් පසුබිමක ඊයේ රාත්‍රියේ හික්කඩුව පැරෑළිය – තෙල්වත්ත අතර ප්‍රදේශයේ මුහුදු රළ ගොඩබිමට පැමිණ තිබුණා.

එහිදී මුහුදු ජලය සහ වැලි හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවතේ ගමනා ගමන කටයුතු වලටද බාධා එල්ල වු බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
එමෙන්ම, අද පෙරවරුවේ කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන් මුහුදු රල ගොඩ බිමට පැමිණ තිබු අතර ඒ ආසන්නයේ තිබූ නිවාස සහ නිවාඩු නිකේතන මුහුදු ජලයෙන් යට වී තිබුනා.
මේ අතර, පසුගිය 7 වෙනිදා සිට ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල් 40, 921 ක පුද්ගලයින් එක්ලක්ෂ හැටදහස් අනුතුන් දෙනෙකු තවමත් බලපෑමට ලක් ව සිටින බව අපදා කළමනාකරණ මධ්යයස්ථානය ප්‍රකාශ කළා.
එසේම පුද්ගලයන් 9591 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 70ක තවදුරටත් රදවා සිටින බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ.
මේ අතර ජලයෙන් යටවු බොහෝ ප්‍රදේශවල ජලය ක්‍රමයෙන් බැස යමින් පවතින බව අප වාර්තාකරුවන් කියා සිටියා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලි මීටර් 52.5 මන්නාරම – ඉලුප්පුකඩවායි ප්‍රදේශයට ලැබී තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඔ පළාත්වලට මෙන්ම, ගාල්ල – මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
එමෙන්ම, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ අතර මධ්‍යම බෙංගාල බොක්කේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් හෙට දිනය දක්වා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා නොකරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාව වෙත දැනුම් දෙනවා.
source :- https://tinyurl.com/bdexj8w8







