ගතවූ පැය 48ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් විවිධ ගුවන් තොටුපලවල ත්‍රස්ත මර්දන අභ්‍යාස සිදු කිරීමට ආරක්ෂක ඒජන්සි ක්‍රියාත්මකව සිටින බවටයි වාර්තා සඳහන් කරන්නේ.

එමෙන්ම මේ හේතුවෙන් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවතට ගෙන යාම සඳහා සිංගප්පූරු සන්නද්ධ හමුදා ප්‍රහාරක ජෙට් යානා දෙකක් චැංගි ගුවන් තොටුපළට ගොස් තිබෙනවා.

මේ අනුව, ජායිපූර් සිට අයෝධ්‍යාව හරහා බැංගලෝර් දක්වා යන එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් IX765 ගුවන් යානය, දර්බංගා සිට මුම්බායි දක්වා යන SpiceJet SG116 ගුවන් යානය, බැග්ඩෝග්‍රා සිට බැංගලෝර් දක්වා යන Akasa Air QP1373 ගුවන් යානය, දිල්ලි සිට චිකාගෝ දක්වා යන එයාර් ඉන්දියා AI127 ගුවන් යානය, දම්මාම් (සෞදි අරාබිය) සිට ලක්නව් (6E 98) දක්වා යන IndiGo 6E98 ගුවන් යානය, අම්රිත්සාර් සිය ඩේරාඩුන් දක්වා යන Alliance Air 9I650 ගුවන් යානය සහ මදුරෙයි සිට සිංගප්පූරුව දක්වා යන එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානාවලටයි මෙසේ තර්ජන ලැබී තිබෙන්නේ.

ගුවන් යානාවල බෝම්බ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල තර්ජන පළ කළ ගිණුම් කිහිපයක් හඳුනාගෙන ඒවා අත්හිටුවා තිබෙන බවයි එරට පොලිසිය සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඇතැම් තර්ජන ලන්ඩනය සහ වෙනත් රටවලින් එවා ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/33bj567e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here