
යම් අපරාධයක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරන විට ඊට අදාළවන සියළු තොරතුරු රැස් කර අදාළ නඩුව ගොනු කල යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) කැබිනට් මාධ්‍ය හමුවේදී අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සිදු කරන පොලිස් පරික්ෂණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු විසින් සිදු කල විමසිමට පිළිතුරු ලබා දෙමින්.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ නඩුවක් ගොනු කරද්දි එය නිසි ආකාරයෙන් කල යුතු බවත් විවිධ අඩුපාඩුකම් සහිතව නඩු ගොනු කලහොත් සිදුවන්නේ එය විත්තිකරුවන්ට වාසියක් සිදුවන බවයි.

ඒ නිසා තමයි යම් කාලයක් අදාළ නඩු ගොනු කිරීමට අවශ්‍ය බව ඔහු කියා සිටියා.
එසේම හදිස්සියට නඩු දාලා එකෙන් නිදහස් වුනොත් විත්තිකරුවට සිදුවන වාසිය නැති කිරීමටනම් අවශ්‍ය කරන තාක්ෂණික තොරතුරු සොයා ගෙන නඩු පැවරීම් සිදු කිරීමට යම් කාලයක් ගත වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/534ratee








