උතුරු ලෙබනනයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර දහස් ගණනින් ප්‍රහාර දියත් කරද්දී උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක් ඉලක්ක කරයි ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ යුද්ධයෙන් අවතැන් වූ පවුල් එහි වාසය කරන බවයි.

එහෙත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

මීටපෙර උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සෙබලු‍න් හතර දෙනෙකු මියගොස් තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

source :- https://tinyurl.com/mvjfzr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here