දකුණ – කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිමේ අද (15) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වූ බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ දෙකක් යොදවා ගින්න පාලනය කරනු ලැබූ අතර, මේ වන විට එම මාර්ගය දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා.

කෙසේ වෙතත් අදාළ දුම්රිය අවලංගු කිරීමටයි බලධාරීන් පියවර ගනු ලැබුවේ.

source :- https://tinyurl.com/2zsjdjr7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here