
පස්වැනි ස්ටාර් ෂිප් රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම හරහා ලෝක ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ඉතිහාසගත වුණා.
ඒ, නව කැච්-ලෑන්ඩින් ක්‍රමවේදය යොදා ගනිමින් යානය දියත් කිරීමට යොදා ගන්නා බූස්ටරය නැවත දියත් කිරීමේ කුළුණ වෙත ගෙන ඒමට හැකි වීම හරහායි.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත්, ඉලෝන් මස්ක්ට අයත් රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමක් ලෙස ප්‍රකට ස්පේස් එක්ස් සමාගම සිය රොකට් තාක්ෂණයේ තවත් පියවරක් සමග ඉතිහාසගත වුණා.

ඒ, ස්පේස් එක්ස් සමාගම සිය රොකට් තාක්ෂණය යොදාගෙන පස්වැනි ස්ටාර් ෂිප් රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම හරහායි.
රොකට්ටුවක් දියත් කිරීමට යොදා ගන්නා බුස්ටර් අභ්‍යවකාශයේදීම විනාශ වී අළු බවට පත්වන නමුත්, ස්පේස් එක්ස් සමාගමේ නව තාක්ෂණය තුළින් එම බුස්ටර් විනාශ නොවී යානය දියත් කළ කුළුනේ රැඳවුමට යාන්ත්‍රික අත්වලින් අල්ලා නැවත ස්ථානගත කිරීමට හැකි වීම මෙහි සුවිශේෂත්වය වනවා.
මෙම නව තාක්ෂණික ක්‍රමවේදය නව කැච්-ලෑන්ඩින් ක්‍රමය ලෙස ස්පේස් එක්ස් සමාගම නම් කර තිබෙනවා.
source :- https://tinyurl.com/3tdbmcnk








