හිසට පහර දීමක් නිසා වූ බරපතල තුවාලයකින් ලේ ගලමින් සිටි පුද්ගලයෙකු නිවසේ නිදන ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයාගේ නිවසේ ඔහු නිදාගන්නා ඇඳ මත ලේ ගලමින් තිබූ සැමියාගේ සිරුර මුලින්ම දැක ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් බව‍යි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මාදම්පේ, සුදුවැල්ලේ පදිංචිව සිටි සුදු දේවගේ සමන්ත රෙජිනෝල් නමැති 35 හැවිරිදි පස් දරු පියෙක්.

උදේ අවදි වී ස්වාමපුරුෂයාගේ කාමරයට ගිය අවස්ථාවේදී සැමියා ඔහුගේ නිදි ඇඳ මත ලේ ගලමින් සිටිනු තමා දුටු බවයි මියගිය අයගේ බිරිඳ පොලිසියට පවසා තිබෙන්නේ.

මේ අතර සිද්ධිය කාන්තාව විසින් අසල්වාසීන්ට දැනුම් දුන් පසුවයි අසල්වාසීන් පැමිණ සොයා බලා ඇත්තේ.

ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව ඔවුන් හඳුනාගෙන තිබූ අතර මාදම්පේ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව මාදම්පේ පොලිසිය විමර්ශන පවත්වනවා.

source :- https://tinyurl.com/5n6rnpz4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here