වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද සිට සිදුකිරීමට නියමිතයි.

අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ පිළිබදව කියා සිටියා.

ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000ක මුදලක් ගොවීන් වෙත ලබාදීමට නියමිතයි.

අම්පාර දිස්ත්‍රික්කයෙන් එම පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු ආරම්භ කරන අතර පසුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබුණා.

source :- https://tinyurl.com/3d32rzus

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here