බිහිසුණු පිපිරීමක් නිසා බරපතල තුවාල ලැබූ තරුණයෙකු රෝහල ගතකර ඇතැයි පොලිසිය පවසනවා.

කුඹුරු වැඩ කරමින් සිටියදී කුඹුරේ තිබූ යමක් එකවරම පිපිරී තිබෙන බවයි පැවසෙන්නේ.

එම කුඹුරේ වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගොස් ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

යාපනය, කොඩිකාමම් ප්‍රදේශය සිදුවූ පිපිරීම නිසා තුවාල ලැබූ තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

තුවාලකරු 19 හැවරිදි තරුණයෙක්.

පිපිරිම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය පරික්ෂණ පවත්වනවා.

source :- https://tinyurl.com/4d9amwrk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here