
උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සෙබළුන් හතර දෙනෙකු මියගොස් තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් සොල්දාදුවන් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
හයිෆා නගරයට දකුණින් සැතපුම් 20ක් (33km) පමණ දුරින් පිහිටි කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ප්‍රහාරයේ වගකීම හිස්බුල්ලා සංවිධානය විසින් භාරගෙන ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.
දකුණු ලෙබනනයේ සහ බීරූට්හි ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සටන්කාමීන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.
තුවාලකරුවන් හෙලිකොප්ටර් යොදාගෙන උතුරු ඊශ්‍රායලයේ රෝහල් වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
source :- https://tinyurl.com/3ufak4a2








