ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (14) සිදුකෙරෙනවා.

එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 18වැනිදා අවස්ථාව ලබා දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කර තිබුනේ.

පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප තැන්පත් කර තිබූ නමුත් ඉන් පිළිගත් දේශපාලන අටක් සහ ස්වාධීන එක් කණ්ඩායමක් පමණක් නාමයෝජනා බාරදී තිබුනා.

ලබන 26 වනදා පැවත්වෙන ඇල්පිටිය ඡන්දයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ තැපෑලට භාරදුන් අතර ලබන 17 වනදා සිට 20 දක්වා ඒවා බෙදාහැරීම සිදු කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/4drj62em

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here