
පසුගිය ජනාධිපතිවරණය සදහා තරඟ වැදුණු අපේක්ෂකයින් 38 දෙනා අතුරින් 20 දෙනෙකු මේ වනවිට මැතිවරණ වියදම් වාර්තා ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව සෙසු අපේක්ෂකයින් අද දිනයේ සිය වියදම් වාර්තා ලබා දීමට කටයුතු කරනු ඇති බවයි එම කොමිසම සදහන් කළේ. පසුගිය ජනාධිපතිවරණය සදහා තරග වැදුණු අපේක්ෂකයින්ට සහ පක්ෂවලට සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට ලබා දීමට දින 21ක කාලයක් ලබා දී තිබූ අතර එය අද මධ්‍යම රාත්‍රි 12න් අවසන් වනවා.
සැප්තැම්බර් මස 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109 කට සීමා කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

අනුව වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.
කෙසේ වෙතත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළ ප්‍රධාන පෙලේ ජනාධිපති අපේක්ෂකයින් මෙතෙක් සිය මැතිවරණ වියදම් වාර්තාව ලබා දී නොමැති බවයි.
source :- https://tinyurl.com/2s5e6e6d








