අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයින් 3,560 දෙනෙකු තවදුරටත් අවතැන්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් සදහා අවශ්‍ය සහන කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි එම මධ්‍යස්ධානය සදහන් කළේ.

දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 53 ක තවදුරටත් ජල ගැලීම් තත්ත්වයන් පවතින බව සඳහන්.

ඉන් වැඩිම බලපෑම වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන්.

කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ, වර්ෂාපතනය අඩුවීමත් සමඟ ගංඟාවල ජල මට්ටම් පහත බසිමින් පවතින බවයි.

ආපදා සහන සේවා කටයුතුවල කිසියම් ගැටලුවක් ඇතැම් ක්ෂණික ඇමතුම් අංක 117 ඔස්සේ දැනුම් දිය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ අතර, අද උදෑසන 6:30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

source :- https://tinyurl.com/2kch4bcz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here