ලංකා ගමනාගමන මණ්ඩලය නිකුත් කරනු ලබන ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සති අන්තයේ සහ අනෙකුත් රජයේ නිවාඩු දිනවලදී පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට ගමන් කිරීමට අවසර ලබාදෙන්නැයි ප්‍රවාහන ආමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබා දී තිබෙනවා.

ගමනාගමන මණ්ඩල සභාපතිවරයාට අදාළ උපදෙස් ලැබී ඇති බව, අප කළ විමසීමකදී එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.

සිසුන් සිදු කළ පැමිණිලි සලකා බලමින් වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් සිසුන්ට එම වලංගු කාලය තුළ ලංගම බස් රථවලින් ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසයි ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

source :- https://tinyurl.com/yhvr7rts

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here