
ගලපිටමඩ කඩිගමුව ප්‍රදේශයේදී සැකකටයුතු කැබ් රථයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයා වෙත ලබා දී තිබූ රථයක් බවයි.
රථයේ රියදුරු ලෙස කටයුතු කල පුද්ගලයා සතුව තිබී සැකකටයුතු ජාතික හැඳුනුම්පතක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එය පසුගිය වසරේදී මනුෂ්‍ය ඝාතනයක් සඳහා වෙඩික්කරුවෙකු රැගෙන ආ බව පැවසෙන යතුරුපැදි කරුවෙකුට අයත් වූවක්.

මේ අතර බෙලිඅත්ත පුවක්දන්ඩාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංක සහිත පෙජරෝ වර්ගයේ ජීප් රථයක්ද සොයාගෙන තිබෙනවා.
එය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති අමිල අබේසේකර විසින් සැඟවූ එකක් බවටයි වාර්තා වන්නේ.
එසේම චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් බෙලිඅත්ත කොස්ලන්ද ප්‍රදේශයේ තිබී තංගල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් වාහන සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
source :- https://tinyurl.com/58v7jsnj







