ඉන්දීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන ‘TATA’ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා මිය ගිය බව එම සමාගම ඊයේ (09) නිවේදනය කරනු ලැබුවා.

වසර 20 කට වැඩි කාලයක් සභාපතිවරයා ලෙස සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ඔහු මුම්බායි හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මියයන විට ඔහු 86 වන වියේ පසුවූ අතර, ටාටා සමූහය 1868 දී ආරම්භ කරන ලද ඉන්දියාවේ විශාලතම සන්නාම රැසකට හිමිකම් කියන සමූහ ව්‍යාපාරයක් ද වනවා.

එහිදී TATA,TITAN,TAJ,JAGUAR ,LAND ROVER සහ Starbuks වැනි සන්නාමයන්ද ඇතුළත්.

වර්ෂ 2005 දී, ඔහු Forbes හි වසරේ ආසියානු ව්‍යාපාරිකයා ලෙස නම් කරන ලද අතර, 2012 දී සමූහයේ සභාපතිවරයා ලෙස ඔහුගේ භූමිකාවෙන් ඉවත් වූ නමුත් නැවතත් 2016 වර්ෂයේදී අතුරු ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කෙටි කලකට නැවත සේවය කර තිබෙනවා.

රතන් ටාටා දූරදර්ශී නායකයෙකු සහ දයානුකම්පිත අසාමාන්‍ය මනුෂ්‍යයෙකු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

source :- https://tinyurl.com/n7w4ywwt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here