පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් දිස්ත්‍රික්ක 22 සඳහා නාම යෝජනා භාර දී තිබෙනවා.

ඒ අනුව දේශපාලන පක්ෂ 47ක් සහ ස්වාධීන කණ්ඩායම් 42ක් නාම යෝජනා භාර දී ඇති බවයි මැතිරවණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම ඊයේ දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 293ක් මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 42ක් ඇප මුදල් තැම්පත් කර ඇති බව සඳහන්.

මේ අතර හෙට දහවල් 12ට නාම යෝජනා භාරගැනීමේ කාලය අවසන් වන අතර ඉන් අනතුරුව පැයක කාලයක් විරෝධතා ගොනු කිරීමට අවස්ථාව සළසා තිබෙනවා.

source :- https://tinyurl.com/5h5hb5sh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here