නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල හෙට (11) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා.

ඒ හෙට දිනය 2024 මහ මැතිවරණයට නාමයෝජනා භාරදීමේ අවසන් දිනය වීම හේතුවෙන්.

ඒ අනුව බේස්ලයින් මාර්ගය නාරාහේන්පිට හන්දිය සිට පාර්ක් පාර හන්දිය දක්වා කොළඹින් පිටවීමේ එනම් කිරුලපන දෙසට ඇති වම්පස මංතීරුව වසා තැබෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම එම මාර්ගයේම අනෙක් මංතීරුව පාර්ක් පාර හන්දියේ සිට නාරාහේන්පිට හන්දිය දක්වා බොරැල්ල දෙසට ඇතුළුවීමේ මංතීරුව රථවාහන දෙපසටම ගමන් කීරීමට හැකි වන පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බවද සඳහන්.

source :- https://shorturl.at/iZsHp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here