
නෙළුම් කුලුණෙන් පැන සියදිවි හානි කරගත් 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයයෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
එමෙන්ම අදාළ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
පෙරේදා පස්වරුවේ ප්‍රවේශ පත්‍රයක්ද රැගෙන පාසල් නිල ඇදුමෙන් නෙළුම් කුලුණ වෙත පැමිණ තිබූ ඇය කෙටි කාලයක් තුළ අවස්ථා කිහිපයකදීම සියදිවි නසාගැනීමට උත්සහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

නෙළුම් කුලුණේ නැරඹුම් මැදිරියේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවල සටහන් වී ඇත්තේ ඇය විනාඩි 15ත් 20ත් අතර කාලයක අවස්ථා කිහිපයකදීම ඉන් පැනීමට උත්සහ කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සිසුවිය එලෙස සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැති අතර, මෙම දැරිය මීට මාස තුනකට පෙර කොම්පඤ්ඤවීදිය මහල් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානි කරගත් 15 හැවිරිදි සිසුවාගේ සහ සිසුවියගේ සමීපතම මිතුරියක බවට ද දැනට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
තම මිතුරන්ගේ මරණය සම්බන්ධයෙන් සිය දියණිය පසුගිය මාස කිහිපයේදීම දැඩි සිත්තැවුලෙන් සිට ඇති බවයි මෙම සිසුවියගේ පියා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
source:- https://tinyurl.com/2huf5hvh







