ඊයේ (07) ඉන්දීය මහ බැංකුව සිදු කළ නිල ප්‍රකාශයට අනුව, ඉන්දියාවේ බැංකු නියාමකයා වන ඉන්දීය සංචිත බැංකුව (RBI), සාර්ක් මුදල් හුවමාරු රාමුව 2024-27 යටතේ මාලදිවයිනේ මුදල් අධිකාරිය සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉන්දියාව එක්සත් ජනපද ඩොලර් / යුරෝ හුවමාරු ක්‍රමය යටතේ ඩොලර් මිලියන 400ක් සහ INR Swap ක්‍රමය යටතේ ඉන්දීය රුපියල් බිලියන මිලියන 30ක් හෙවත් ඩොලර් මිලියන 360ක් ලෙස මාලදිවයිනට මූල්‍ය ආධාර ලබා දීමට නියමිතයි.

එම මුදල් හුවමාරු ගිවිසුම 2027 ජුනි 18 දක්වා වලංගු වන බවයි ඉන්දීය සංචිත බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

SAARC Currency Swap Framework 2012 නොවැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වූ අතර, කෙටි කාලීන විදේශ විනිමය ද්‍රවශීලතා අවශ්‍යතා හෝ කෙටි කාලීන ගෙවුම් ශේෂය දිගු කාලීන විධිවිධාන සලසන තෙක් අරමුදල් සම්පාදනය පිටුදැකීම සඳහා එය ක්‍රියාත්මක බව ඉන්දීය මහ බැංකුව ඊයේ (07) වැඩිදුරටත් ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/ftcv5uca

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here