බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසනවා.

නොචිචියාගම, වල්පලගම ප්‍රදේශයේ නිවසකදී ඝාතනය සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

මරණකරු විසින් අලුත්වැඩියා ක‍රමින් තිබූ නිවසට අවශ්‍ය දැව සොයා ගැනීම සඳහා ඔහු නිවසින් පිටව ගොස් තිබෙනවා.

අනතුරුව සවස 6.30ට පමණ මත්පැන් පානය කර යලි නිවසට පැමිණ අසල්වැසියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවයි සැකකාර බිරිඳ පවසා ඇත්තේ.

එම අවස්ථාවේදී සැකකාර බිරිඳ සැමියා පාලනය කිරීම සඳහා දෑතින් මරණකරුගේ කට වසා තිබෙනවා.

එහිදී මරණකරු බිරිඳට පහර දී ඇති බවයි පොලිසියට පවසා ඇත්තේ.

මේ අතර සැකකාරිය සිය සැමියාගේ ශබ්දය පාලනය කිරීම සඳහා දොරට දමා තිබූ රෙද්දක් ගෙන ඔහුගේ කට වැසීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දොර රෙද්ද ගෙලේ සිර කිරීම හේතුවෙන් මරණකරු සිහිසුන්ව බිම ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව ඔහු මියගොස් තිබෙන බව පොලිසිය පැවසුවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්වල පාර, වල්පලගම, නොච්චියාගම ලිපිනයේ පදිංචිව සිටි මහගමගේ රොහාන් කුමාර නැමති 38 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ මරණකරුගේ බිරිඳ වන එම ලිපිනයේම පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.

source :- https://tinyurl.com/ymymun72

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here