කාන්තාවකගේ ගබ්සා කිරීමේ අයිතිය දැඩි ලෙස ආරක්ෂා කිරීමට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ගේ භාර්යාව වන මෙලනියා ට්‍රම්ප් ඉදිරිපත් වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇයගේ නිකුත් වීමට නියමිත පොත ප්‍රවර්ධනය කරන කෙටි වීඩියෝ පටයක ඇය සඳහන් කර ඇත්තේ, කාන්තාවන්ගේ “පුද්ගල නිදහස” සඳහා ඇයගේ සහයෝගය ප්‍රකාශ කරන බවත්, එය “සියලු කාන්තාවන්ට උපතේ සිටම හිමි අත්‍යවශ්‍ය අයිතියක්” බවත්ය.

එමෙන්ම එහිදී ඇය ප්‍රශ්න කරන්නේ, කාන්තාවක් තම ශරීරයෙන් කරන්නේ කුමක්ද යන්න තීරණය කිරීමට කාන්තාවට හැර වෙනත් කෙනෙකුට බලය තිබිය යුත්තේ ඇයිද යන්නයි.

එසේම කාන්තාවක් කැමති නම් ඇයගේ ගැබ් ගැනීම අවසන් කිරීමට ඇයට ගබ්සා කිරීමට හැකි බවයි මෙලනියා ට්‍රම්ප් පවසන්නේ.

අනවශ්‍ය ගැබ් ගැනීමක් අවසන් කළ යුතුද යන්න තෝරා ගැනීමට කාන්තාවකට ඇති අයිතිය සීමා කිරීම ඇයට ඇයගේම ශරීරය පාලනය කිරීම ප්‍රතික්ෂේප කිරීම හා සමාන බවයි ඇය සඳහන් කරන්නේ.

මෙලනියා ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඇයගේ මුළු වැඩිහිටි ජීවිතය පුරාම මෙම විශ්වාසය ඇය සමඟ රැගෙන යන බවයි.

source :- https://tinyurl.com/3j776kek

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here