ආක්‍රමණිකයන් වැළැක්වීම සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය පවත්වා ගැනීම සඳහා අමෙරිකානු කොන්ග්‍රසයේ සහයෝගය තීරණාත්මක කාර්යභාරයක් කරනු ඇති බව අමෙරිකාව සඳහා වන තායිවාන නියෝජිත ඇලෙක්සැන්ඩර් ටහ්-රේ යූයි අවධාරණය කර තිබෙනවා.

ඒ වොෂිංටනයේ පැවැති තායිවාන ජාතික දින සැමරුමකදී අදහස් දක්වමින්.

චීනයේ ක්‍රියා තායිවානයෙන් නතර නොවන බවත්, අනෙකුත් ජාතීන් ද චීනයෙන් මිලිටරි හා ආර්ථික පීඩනයකට මුහුණ දෙන බවත් එහි දී සඳහන් කළ යූයි ‘ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කරුවන් එකට නැගී සිටීමේ’ සහ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් ඔහු පවසා ඇත්තේ, නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙල වෙනස් කිරීමට චීනය උත්සාහ කරන බවයි.

තව ද තායිවානය – එක්සත් ජනපද හවුල්කාරිත්වය පදනම් වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වැනි ‘හවුල් අවශ්‍යතා සහ වටිනාකම්’ මත බව පැවසූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමා අමෙරිකාවේ සහයෝගයට ස්තූතිවන්ත වන අතර තායිවාන ගැටුම් වැළැක්වීමේ පනත ඇතුළු කොංග්‍රසයේ සම්මත කරන ලද තායිවාන ගැති පනත් සහ යෝජනා රාශියක් ඇති බවයි.

ඒ අනුව යූයි වැඩිදුරටත් එහි දී වැඩිදුරටත් සඳහන් ක්ළේ, “එක්සත් ජනපද කොන්ග්‍රසයේ සහයෝගය තීරනාත්මක වන අතර, එය තායිවානය තනිවම නොවන බව ආක්‍රමණිකයන්ට සංඥා කරන්නක් වන බවයි.

තායිවානය පැසිෆික් කලාපයේ පළමු දූපත් දාමයේ ඉදිරි පෙළේ වාඩි වී සිටින අතර, ඒකාධිපති පාලන තන්ත්‍රයන්ට මුහුණ දෙන බව අමෙරිකාව සඳහා වන තායිවාන නියෝජිත ඇලෙක්සැන්ඩර් ටහ්-රේ යූයි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/2aa55mx3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here