ඔක්තෝබර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.

ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති.

මේ අතර, අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කළ අතර එහි මිල රුපියල් 3,680ක් ලෙස මෙම මාසයේ දී ද අළෙවි කිරීම සිදු කරනවා.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 65කින් අඩු වී ඇති අතර, එය රුපියල් 1,477 ලෙසයි අළෙවි වන්නේ.

එමෙන්ම, මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල ද සංශෝධනය නොකරන බවයි එම සමාගම මීට පෙර නිවේදනනය කළේ.

ජාත්‍යන්තර වෙළදපළේ එල්.පී. ගෑස් මිල වැඩි වන වාතාවරණයක වුවද ජනතාව සහන සැලසීමේ අරමුණින් සිය ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි ලිට්‍රෝ සමාගම කියා සිටියේ.

source :- https://tinyurl.com/k8zx6hz7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here