අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කීපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මීට පෙර අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් 16 ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05 ක් අත්හිටුවමින් අද (04) දින තෙක් බල පැවැත්වෙන පරිදි නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව අද (04) දින අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය එම අත්හිටුවීමේ නියෝගය ලබන ජනවාරි මස 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස නියම කළා.

source :- https://tinyurl.com/yeyjeft7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here