සූරියවැව පදලංගල මාර්ගයේ විහාරගල විද්‍යාලය ඉදිරිපිට ඊයේ (02) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

රැකියාවේ නියුතු තම දුව රැගෙනයෑම සදහා පැමිණි පියෙකු විසින් යතුරුපැදිය නවතා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ පසෙක සිටි අවස්ථාවේදී, ප්‍රධාන මාර්ගයේ පැමිණි වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයට එකවර දැමූ ස්කුටී වර්ගයේ යතුරුපැදියක ගැටීමට යෑමේදී එය වැළැක්වීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදී ටිපර් රථ රියදුරා ගත් උත්සාහය පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ පසෙක සිටි යතුරුපැදිකරුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

source :- https://tinyurl.com/4av95pj5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here