මේ වසරේ පළමු මාස අට තුළ වන අලි මරණ සහ වන අලි පහරදීමෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව අවම වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේ පළමු මාස 8ට තුළ වන අලි 340 දෙනෙකු මියගොස් තිබුණි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වසරේ එම කාලය තුළ මියගොස් ඇත්තේ වන අලින් 239ක් පමණක් බවය.

වන අලින් පහරදීම හේතුවෙන් පසුගිය වසරේ පළමු මාස අට තුළ පුද්ගල මරණ 117ක් සිදුව ඇති අතර එය මේ වසරේ 90ක් දක්වා අඩු ව තිබේ.

සිය දෙපාර්තමේන්තුව විසින් අලි මිනිස් ගැටුම් පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම මරණ අවම කර ගැනීමට හැකි වූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

source :- https://tinyurl.com/24s7vxsd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here